1880 මැයි 15 වැනිදා දුම්බර හංවැල්ල පලාපිපටියේදී පාසල ආරම්භ කර තිබේ. ළමුන පහළොස් දෙනෙකුගෙන් ආරම්භ වූ පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ එස්.එම්.කිරිබන්ඩා මහතාය.
මෙම පාසල පිහිටා ඇති ප්‍රදේශය තුළ ප්‍රදේශය පාලකයෙකු ලෙස රජකම් කල චූලාභය ප්‍රදේශය රජු නමින් පාසල නම්කර තිබේ. පසුව එතුමා අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත්ව ඇත. ප්‍රදේශය තුළ පමණක් නොව සමස්ත රටේම පාසල් අතර පැරණිතම පාසලක් ලෙස චූලභය පාසල හැදින්විය හැක.
2013 වර්ෂය දක්වා 1-13 ශ්‍රේණි වලින් සමන්විත චූලාභය මහා විද්‍යාලය නමින් පැවති අප පාසල ප්‍රාථමික අංශය වෙන් කිරීමෙන් පසු 6-13 ශ්‍රේණි සහිතව චූලාභය ද්විතික පාසල නමින් නම් කෙරුණි. ප්‍රදේශයේ නූපන් දරු පරපුරක් වෙනුවෙන් තම බොහෝ කාලයක් අප පාසල් නොසැලී පවතිනු ඇත.





