දුම්බර කදුකර සොබා අසිරි පිරි පින්බර
උඩදුම්බර රමණී
හංවැල්ලේ ගම් පියසේ බැබළෙන චූලාභය
මහ විදුහල් මෑණි
නමදිමි ඔබ නිති හද බැතිනී //
ගතට සිතට සුව දෙන පරීසරයයි කඳු පෙළ දිය ඇලි අති රමණීයයි මිහිදුම් කුමරිය මද නළ සමගින් සරසවි දේවීගෙ ආසිරී ගෙන එන //
දුම්බර කදුකර සොබා අසිරී පිරී //
විදු නැණ ගුණදම් ඔබෙ දායාදයි හෙළ අභිමානෙන් හද පුරවාලයි පියමන් කෙරුමට නව ලොව සමඟින් මග හෙලි කර දෙනු විදු මෑණියනී //
දුම්බර කදුකර සොබා අසිරී පිරී............//





